මිහිමව COVID 19 හරහා දෙන පණිවිඩය තෙරුම්ගනිමු.
මේ වන විට ලොවම කැලභිමකට ලක්කර ඇති කොරෝනා රෝගය හරහා ස්වාභාවධර්මය දෙන පණිවිඩය තේරුම් ගැනීමට උත්සාහ කරමු. ලොව පුරා මාධ්‍ය ඔස්සේ දිනපතා මිය යන කොරෝනා රෝගීන් ගණන වාර්තා කරනු දැකගත හැකිය.එහෙත් දිනකට ආහාර හෝ ජලය නොමැතිව මිය යන මිනිසුන් ගණන වාර්තා කලේ කව්රුන්ද? අද වනවිට කොරෝනා රෝගයෙන් මියගිය ලෝකවාසීන් ගණන 6000 කට ආසන්න අගයකි එහෙත් දිනකට ආහාර නොමැතිව මිය යන ගණන 20 000 කි එයදින30 ක්ගණනය කළහොත් 600 000 කි. මෙමගින් මිහිමව අප ලබා දෙන පණිවිඩය කුමක්ද? මිනිසාගේ සිට සියළුම ජීවින් මගේ දරුවන්ය සියලු දෙනාටම මම සමව සලකා ඇත. නමුත් සීමිත පිරිසක් සාරවත් භුමිය තමන් නතුකරගෙන සිටි. මමසියල්ලන්ටම ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය ලබා දී ඇත. එහෙත් සීමිත පිරිසක් එය භුක්ති විඳිමින් අන් අයගේ අවස්තාවන්උදුරා ගනිමින් සිටි. මම සියල්ලන්ටම ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාදී තිබුණි නමුත් නුබලා එය අවම කරමින් සිටි. මම සියල්ලන් ප්‍රශ්වාශ කරන කාබන් ඩයොක්සයිඩ් බේදයකින් තොරව ක්‍රමානුකුලව ඉවත් කරමින් සිටියෙමි. සීමිත මානවයින් ප්‍රමාණයක් එය විනාශ ...