මිහිමව COVID 19 හරහා දෙන පණිවිඩය තෙරුම්ගනිමු.
මේ වන විට ලොවම කැලභිමකට ලක්කර ඇති කොරෝනා රෝගය හරහා ස්වාභාවධර්මය දෙන පණිවිඩය තේරුම් ගැනීමට උත්සාහ කරමු.
ලොව පුරා මාධ්‍ය ඔස්සේ දිනපතා මිය යන කොරෝනා රෝගීන් ගණන වාර්තා කරනු දැකගත හැකිය.එහෙත් දිනකට ආහාර හෝ ජලය නොමැතිව මිය යන මිනිසුන් ගණන වාර්තා කලේ කව්රුන්ද? අද වනවිට කොරෝනා රෝගයෙන් මියගිය ලෝකවාසීන් ගණන 6000 කට ආසන්න අගයකි එහෙත් දිනකට ආහාර නොමැතිව මිය යන ගණන20 000 කි එයදින30 ක්ගණනය කළහොත් 600 000 කි.
මෙමගින් මිහිමව අප ලබා දෙන පණිවිඩය කුමක්ද? මිනිසාගේ සිට සියළුම ජීවින් මගේ දරුවන්ය සියලු දෙනාටම මම සමව සලකා ඇත. නමුත් සීමිත පිරිසක් සාරවත් භුමිය තමන් නතුකරගෙන සිටි.
මමසියල්ලන්ටම ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය ලබා දී ඇත. එහෙත් සීමිත පිරිසක් එය භුක්ති විඳිමින් අන් අයගේ අවස්තාවන්උදුරා ගනිමින් සිටි. මම සියල්ලන්ටම ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාදී තිබුණි නමුත් නුබලා එය අවම කරමින් සිටි. මම සියල්ලන් ප්‍රශ්වාශ කරන කාබන් ඩයොක්සයිඩ් බේදයකින් තොරව ක්‍රමානුකුලව ඉවත් කරමින් සිටියෙමි. සීමිත මානවයින් ප්‍රමාණයක් එය විනාශ කරමින් සියල්ලන්ගේ ජිවිත අනතුරේ හෙලමින් සිටී මම සියල්ලන්ටම යහතින් ජිවත් වීමට අවශ්‍ය උණුසුම මිහිමත ඇතිකර තිබුණි නුබලා එයද දැන් වෙනස් කරමින් ඇත මගේ දරුවන්ට ජිවත් වීමට අවශ්‍ය වනාන්න්තර ප්‍රමාණයක් මා දායාද කර තිබුණි නුබලා ඒවාද විනාශ කරමින් සිටි.
ආපසු හරි බලනු දරුවනි,
සාරවත් භුමිය නුබලා සීමිත පිරිසක් නතුකරගෙන මායිම් ගසාගෙන සිටිද්දී අසරණයින් කුසගින්නේ මිය යනවා නොදැක්ක සේ සිටිනවා නේද ?
අසීමිත ආහාර ප්‍රමාණයක් නුබලා සීමිත පිරිසක් භුක්ති විඳිද්දී තව පසක මගේම දරුවන් කුසගින්නේ මිය යනවා නුබලා දුටුවේ නා නේද ?
සීමිත පිරිසක් අධි සුඛෝපභෝගී ජිවිත ගත කරද්දී මුලික පහසුකම්වත් නැතිව තව විශාල පිරිසක් පිඩා විඳිනවා දුටුවේ නා නේද ?
මගේ ඉවසීමේ සීමාව දැන් ඉක්මවා තියෙන්නේ. තරවටු කිරීම මම දැන් පටන්ගන්නවා.සැමට සමානව සැලකීමට තේරුම් ගන්න තුරු මම රළු වෙනවා. කරන්න දෙයක් නෑ
පිරිසකට විතරක් නුබලා විවරකල දේශ සිමා සියලු දෙනාටම CORONA විසින් වසා දැමුවා නේද?
ධනවත් යයි සම්මත කරගත් නුබලාටත් දුගියාටත් නොවෙනස්ව CORONA වැළඳෙන බව දුටුවාද දියුණුයි
සම්මත කරගත් රටවලටත් දුප්පත් රටවලටත් CORONA බලපෑවේ කොහොමද කියලා දුටුවාද?
නුබල පත්කරගත් මහා පාලකයන්ගේ සිට විදියේ යාචකයා දක්වා එකම බියක් CORONA ඇතිකළා නේද?
ඇති විශිෂ්ටයි සිතු තාක්ෂනය CORONA ඉදිරියේ අසරණ වෙලා තියෙන හැටි දැක්කාද?
දරුවනේ සිතපල්ලා,
නැවත සිතපල්ලා,
සියල්ලන්ටම උරුම වූ මිහිතලය තනිව අයිති කරගැනීමට යාමේ ප්‍රතිපලය ගැන නැවත සිතපල්ලා.
සියල්ලන්ටම අයිති ආහාර තනිව බුක්ති විඳින්නට යාමේ විපාක තේරුම් ගනිල්ලා
සියල්ලන්ටම අයිති ජලය අයිති කරගෙන ඉතිරිවා දුෂණය කරන එක නවත්වපල්ලා.
සියල්ලන්ටම අයිති පිරිසිදු වාතය ආරක්ෂා කරගනිල්ලා කුසගින්නේ මිය යන මිනිසුන් ගැන නැවත සිතපල්ලා
අනේ දරුවනේ ,
හැකිතාක් සම්පත් බෙදාගෙන උපතේ සිට මරණය දක්වා සාධාරණ ජිවිතයක් ගෙවන්නට සැමට අවස්තාව උදා කරලා දීලා එක මිහි මවගේ දරුවෝ වගේ ජිවත් වෙන්න හිතන්න.
මානවයන් පිරිසක් එකතුවී සැලසුම් කර ඇති තිරසාර සංවර්ධන ඉලක්ක 17 සඳහා සියලුදෙනාගේ සහය ලබාදී 2030 වන විට මා පතන සාධාරණ ම්හිතලය නිර්මාණය කරන්න කැප වෙන්න
එසේ නොව්නහොත් ………….
සියල්ල කනගාටු දායක ලෙස කෙලවර වේවි.
මිහි මවගේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ
මෙනුරි සචින්තා කොඩිකාර
ශ්‍රී ලංකා තිරසර සංවර්ධන ළමා පාර්ලිමේන්තුවේ දුප්පත් කම නැතිකිරීමේ විෂය භාර අමාත්‍ය

Comments
Post a Comment