කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම
කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම.
චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID 19 වෛරසය ආසාදනයෙන් ඇති වන කොරෝනා රෝගීන් හා ඒ හා බැඳුණු පුවත් දවසින් දවස මා තුල ඇතිකළේ භීතියක් හා කම්පනයකි.මම දිනකට කිහිප වරක් පුවත් බලමින් මෙම රෝගය පිලිබඳ නවතම තත්වයන් පිලිබඳ සොයා බලමින් සිටියෙමි.
නමුත් මගේ රට වන ශ්‍රී ලංකාවට මෙම රෝගය පැමිණියේ ඊට කාලයකට පසුවයි. එය මා තුල මහත් භීතියක් ඇති කිරීමට සමත් වුනා.අපේ පාසැල් දින නියමයක් නොමැතිව වැසි ගියා.ඇඳිරි නිතිය පැනවීමෙන් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට රජය කටයුතු කළා.
විශේෂයෙන්ම මා ජිවත්වන බස්නාහිර පළාත රතු කලාපයක් ලෙස නම් කරනු ලැබුවා.සියලු ජන ජිවිත හිටිපියවර නැවතුනා.දවසින් දවස වාර්තා වෙන රෝගීන් සංක්‍යාව වැඩිවීමත් සමග රජයට ඇඳිරි නිතිය ඉවත් කිරීමේ හැකියාව නැතිව ගියා.
මේ අවස්ථාවේ දෙමාපියන් සමග මා පදිංචිව සිටින්නේ නිවාස 280 ක් පමණ තිබෙන අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ නිවසක.මෙය මට මගේ ක්‍රීඩා කුසලතාවයන් වෙනුවෙන් රජයෙන් ලබාදුන් නිවසයි.මා ද ඇතුළුව ජාතික තලයේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනෙකුට නිවාස ලබාදී තියෙනවා මෙම නිවාස සංකීර්ණයේ.ඊට අමතරව සිටින පදිංචි කරුවන්ගෙන් වැඩි දෙනෙක් 2004 වසරේ සුනාමියෙන් අවතැන් වූ ජනතාව.
මෙම පරිසරය මට විශ්ව විද්‍යාලයක් සේ මා සලකනවා.දෙමා පියන් මුලින්ම අකමැති වුනා මෙහි පදිංචියට පැමිණීමට.නමුත් මට අවශ්‍ය වුනා මෙහි සිටින නංගිලා මල්ලිලාගේ ජිවිත යම් වෙනසකට ලක් කරන්න.මම ගොඩක් ඉල්ලීම් කරලා දෙමාපියන් කැමති කරගත්තා.ඒ අනුව මිට මාස කිහිපයකට පමණ පෙර තමයි අපි මෙහි පදිංචි වුනේ.මා පැමිණි විගසම මෙය පාලනය වන නිවාස හා නාගරික සංවර්ධන අධිකාරියේ නැන්දලා මාමලාගේද උපරිම සහයෝගය මත රන්තරු ළමා සමාජය ආරම්භ කිරීමට මට හැකිවුනා. එමගින් වියාපෘති කිහිපයක් කිරීමට අප සමත්වුනා.
මේ අතර වාරයේ තමයි මා මුලින් සඳහන් කල තත්වය උදා වුනේ.
මේ වන විට නිවාස සංකීර්ණයේ ජනතාව නිවෙස්තුලට හිරවුනා.මේ අතරින් බහුතරයක් එදිනෙදා උපයා ගන්න මුදලින් ජිවත් වුන පිරිසක්.
කෙසේ හෝ දින සති බවට පත් වුනා.ඇඳිරි නිතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවුනා.කඩ සාප්පු සියල්ලම පාහේ වසා දැමුනා.ජංගම රථ මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරිම සිදුකලා.එවැනි රථ අප නිවාස සන්කිර්නයටද පැමිණියා.තාත්තා ඒවායින් අපිට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නවා.
මේ අතර දිනක් අඟුලාන පොලිස් ස්ථානාධිපති තුමා සමග පිරිසක් වියලි ආහාර මලු රැඟෙන පැමිණියා.මේ ආරංචිය කන වැකුණු නිවාසවල පදිංචි පිරිස් ඒ වෙත දුවගෙන අවේ නොමිලේ බෙදා දීමට පැමිණියායි සිතා.නමුත් එය ඉතා සාධාරණ මුදලකට අලෙවි කිරීමට රැගෙන ආ ඒවා බව ප්‍රකාශ වුනා.ඒ සමගම දිව ආ පිරිස ගල් ගැසුනාක් මෙන් නැවතුනා.ඒ මුහුණුවල ඉර්යව් අසරණ බවින් වෙනස් වෙන හැටි 4වෙනි මහලේ සිට මා දුටුවා.මගේ සිත ලොකු කම්පනයකට ලක්වුනා.
තාත්තා සමග කතාකර කිහිප දෙනෙකුට රු.250 බැගින් වූ එම වියලි ආහාර මලු ලබා දෙන්න කටයුතු කළා.
ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපති තුමා තාත්තට කිව්වා මහත්තයා අඳුනන ධානපති කව්රුන් හෝ ඉන්නවානම් මේ ප්‍රදේශයේ ඉන්න අසරණ අයට වියලි ආහාර ලබාදෙන්න බෙදා දීමේ කටයුතු වලට උදව් කරන්නම් කියලා. තත්තා කිහිප දෙනෙකුට කතාකල නමුත් සාර්ථක වුනේ නෑ.
මගේ සිත නිතරම මේ සිදුවීම ගැන හිතන්නට පෙලබුනා.ඒ අතර මාස 4ක පමණ දරුවෙක් සිටින මවක් අපේ ගෙදරට පැමිණියා."නෝනා පොඩ්ඩක් එනවද" කියල අම්මට කතා කලා. මොකක්දෝ රහසින් කිව්වා.අම්මා ගෙට ඇවිත් යම් මුදලක් ඇයට දෙනවා මා දුටුවා.'මොකටද අම්මේ සල්ලි දුන්නේ " මම අම්මගෙන් ඇහුවා.'දරුවට කිරිපිටි ඉවර වෙලා කියල කිව්වා පුතේ' අම්මා මට කිව්වා.මගේ සිත තවත් කම්පනය කළා.
පසුදින තවත් සිදු වීමක් වුනා.අපේ ළමා සමාජයේ සාමාජික නංගි කෙනෙක් අපේ ගෙදරට අවා.මාමේ තාත්ත කිව්වා පුළුවන් නම් රුපියල් 500ක් ඉල්ලන් එන්න කියලා.ගෙදර කන්න මුකුත් නෑ මාමේ කිව්වා.මගේ දෑසට කඳුළු ඉනුවා.මම දන්නවා මගේ තාත්ත ලොකු පොහොසතෙක් නොවෙයි.(මුදල් වලින් පමණයි.මිනිස් කමින් මා දුටු පොහොසත්ම කෙනා මගේ තාත්තා) එබැවින් මේක තාත්තට දිගටම කරන්න අමාරුයි.මොකද තාත්තත් කලේ ස්වයං රැකියාවක්.
දැන් රෝගය වගේම තවත් කණගාටු දායක දෙයක් මේ නිවාස සංකීර්ණය වෙලා ගනිමින් සිටින බව පැහැදිලියි.ඒ කුසගින්න.එසේනම් දැන් කුමක් හෝ කලයුතුයි.(මේ අතර රජය ඒ පිලිබඳ සැලසුම් සකස්කරමින් සිටින බව ප්‍රවුර්ති පල වුනා ) මම තිරසර සංවර්ධන ඉලක්ක ශ්‍රී ලාංකේය ළමා පාර්ලිමේන්තුවේ දුප්පත් කම තුරන් කිරීමේ ඇමති තුමිය ලෙස මේ සඳහා යමක් කලයුතු බව තීරණය කළා.මුලින්ම මගේ අදහස දෙමාපියන්ට කිව්වා.එයාලගේ සහය ලැබෙන බව කිව්වා.මීළඟට මා කතා කලේ ශ්‍රීමත් , ආචාර්ය දේශප්‍රිය විජේතුංග මැති තුමාටයි.දුරකතනයෙන් එතුමාට මගේ අදහස කිව්වා.එනම් අන්තර්ජාල දැන්වීමක් මගින් ලෝකයේ සිටින අය දැනුවත් කර මේ අසරණ මිනිසුන්ට යම් උපකාරයක් ලබා ගැනීමයි.එහිදී මතුවූ ගැටළුවක් වුයේ මා වයස අවරුදු 15 ක දැරියක් බැවින් මුදල් ආදරයක් ලැබුනොත් එය ලබා ගැනීමට බැංකු ගිණුමක් අවශ්‍ය බවයි.එතුමාගේද අවසරය මත ඒ සඳහා මගේ පියාගේ NDB BANK එකේ ගිණුම බාවිතා කරන්න තීරණය කලා.
මම ලිපියක් සකස් කළා. මගේ FB පිටුව හරහා මම එය පලකලා.
මුලින්ම මට කතා කලේ මට additional maths උගන්වන ගිහාන් හෙට්ටිආරච්චි ගුරු පියාණන්.එතුමා මට රු.1000/-ක් පරිත්‍යාග කළා.මට හරිම සතුටුයි.තාත්තගේ උදව් ඇතිව වියලි ආහාර මල්ලක් සකස් කළා.
1.සහල් කිලෝ 5
2.මුං ඇට 250
3 අල ග්‍රෑම් 500
4.රටළුණු ග්‍රෑම් 500
5. සොයා මීට් පැකට් 3
6.පාන්පිටි කිලෝ 1
ඊට ඇතුලත් වුනා.
වැඩිදුර විස්තර සඳහා
දැන් මට උවමනා වුනේ මෙය මේ මොහොතේ ලැබිය යුතුම පවුල් ඒකකය වෙත ලබා දීමටයි.අපි අලුතින් මෙහි පදිංචියට පැමිණි බැවින් අපිට ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට කෙනෙක් අවශ්‍ය වුනා.සමන්ත කියල මාමා කෙනෙක් ඉන්නවා.එයා මෙහි මුල්ම පදිංචි කරුවෙක්.මෙම සමාජය තුල කැපී පෙනෙන චරිතයක්.තාත්ත සමන්ත මාමට කතා කරල විස්තරේ කිව්වා.ඒ අනුව මගේ පළමු පරිත්‍යාගය ලබා දුන්නා.ඒ මොහොතේ මට දැනුන හැගීම මට වචනයට නගන්න බැහැ .ඒ අය මොනතරන් අසරණව සිටියද කියලා මට දැනුනා.
දැන් මට උවමනා වුනේ මෙය මේ මොහොතේ ලැබිය යුතුම පවුල් ඒකකය වෙත ලබා දීමටයි.අපි අලුතින් මෙහි පදිංචියට පැමිණි බැවින් අපිට ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට කෙනෙක් අවශ්‍ය වුනා.සමන්ත කියල මාමා කෙනෙක් ඉන්නවා.එයා මෙහි මුල්ම පදිංචි කරුවෙක්.මෙම සමාජය තුල කැපී පෙනෙන චරිතයක්.තාත්ත සමන්ත මාමට කතා කරල විස්තරේ කිව්වා.ඒ අනුව මගේ පළමු පරිත්‍යාගය ලබා දුන්නා.ඒ මොහොතේ මට දැනුන හැගීම මට වචනයට නගන්න බැහැ .ඒ අය මොනතරන් අසරණව සිටියද කියලා මට දැනුනා.
මේ පරිත්‍යාගයට ගිහාන් සර්ට ස්තුති කරමින් මම පොස්ටුවක් පලකලා.එක දැකපු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නෙත්මි ද සිල්වා කියන අක්කා රු.3000/- ක් පරිත්‍යාග කළා.මට හරිම සතුටුයි.අපි ඒකෙන් ආහාර මලු 3ක් හැදුවා,සුදුසුම පවුල් 3ක් සමන්ත මාමා තෝරා දුන්නා. මම තාත්තා හා සමන්ත මාම සමග එම නිවාස වලටම ගිහින් ඒවා පරිත්‍යාග කළා.
1.සහල් කිලෝ 5
2.කඩල පරිප්පු ග්‍රෑම් 500
3 අල ග්‍රෑම් 500
4.රටළුණු ග්‍රෑම් 500
5. සොයා මීට් පැකට් 2
6.පාන්පිටි කිලෝ 1 බැගින් මලු 3ක්
මේ පර්ත්යාගයෙන් පසු තාත්තා යෝජනාවක් කළා මින් පසු පරිත්‍යාග ලැබුනොත් එම පරිත්‍යාග ලාබින් අපේ ගේ ලඟට ගෙනල්ල දෙමු කියලා.මොකද රෝගයේ භා භයානක කම නිසා මම නිවාස සංකීර්ණය තුල වුවත් ඇවිදීම අවදානම් නිසා.
මි ලඟට මම නෙත්මි අක්කාට ස්තුති කරලා පොස්ට් එකක් හදල පලකලා.එක දැකපු ස්විස්ටර්ලන්තයේ පදිංචි මංජුල හේරත් මාමා රු.5000/- ලබා දුන්නා.දවසින් දවස මගේ වැඩසටහන ඉදිරියට යන එක ගැන මට හරිම සතුටුයි.අපි ආහාර මලු 5 ක් හැදුවා. මේ පවුල් පහේ පරිත්‍යාගය අපේ නිවස ලඟට ගෙන්වලා දුන්නා.
* මේ මලු සකස් කිරීමේදී රත්මලාන විශේෂ ආර්ථික මද්යස්තානයේ නිම්මි නැන්දා අවම මිල ගණන් යටතේ භාණ්ඩ ලබා දුන්නා.
1.සහල් කිලෝ 5
2.පරිප්පු කිලෝ 1
3 අල ග්‍රෑම් 500
4.රටළුණු ග්‍රෑම් 500
5. සොයා මීට් ග්‍රෑම් 250
6.පාන්පිටි කිලෝ 1
මංජුල මාමාට ස්තුති කරලා මම පොස්ට් එකක් දැම්ම.එක දැකපු මහා බ්‍රිතාන්‍යයේ පදිංචි මා පුද්ගලිකවම හඳුනන ලොව ප්‍රකට සමාජ සේවිකාවක් වන ලින්ඩා රෝස් මැතිනිය මට රු.11376/- ක් ඒවා තිබුනා.එකෙන් අපි මලු 11 ක් හැදුවා
1.සහල් කිලෝ 5
2.පරිප්පු කිලෝ 1
3 අල ග්‍රෑම් 500
4.රටළුණු ග්‍රෑම් 500
5. සොයා මීට් ග්‍රෑම් 250
6.පාන්පිටි කිලෝ 1
7.හාල්මැස්සන් කරවල ග්‍රෑම් 100 බැගින් මලු 11ක්
තාත්තේ මම පොඩි දෙයක් කියන්නද අනේ තාත්තේ අපි මේ පරිත්‍යාග එයාලගේ නිවෙස් ළඟටම ගිහින් දෙමුද.නැත්නම් එයාල යාචකයෝ වගේ වෙනවනේ
'දුව මේ රෝගය භයානකයි කියලා ඔයා දන්නවනේ '
අනේ තාත්තේ අපි ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා ගිහින් දෙමු.මටනම් මේක කරලා මැරුණත් කමක් නෑ
අම්මයි තාත්තයි මගේ යෝජනාවට එකඟ වුනා.ඒ අනුව පවුල් 10 කට නිවසටම ගොස් තාත්තා හා සමන්ත මාමත් ඔහුගේ පුතාත් සමග ගොස් බෙදුවා.එක පව්ලක් හිටියේ වෙරල බඩ පදිංචිව.ඒ අයට පමණක් අපේ ගේ ලඟට එන්න කිව්වා.
ලින්ඩා මැතිනියටත් ස්තුති කරලා පොස්ටුවක් පලකලා.
මේ වන විට මම රු.1000 ක් වටිනා ආහාර මලු 20ක් පරිත්‍යාග කිරීමට සමත් වෙලා තියෙනවා.මේ අතර රජයෙන් සහනාදාර ලෙස රු.5000/- බැගින් පවුල් ඒකක වලට ලබාදුන්නා.එබැවින් මා තාවකාලිකව මගේ වැඩ සටහන නැවැත්වුවා.නැවත එවැනි අවශ්‍ය තාවයයක් ඇතිවුනොත් නැවත ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවෙන්.
මෙම සත්කාරය දුටු බොහෝ දෙනෙක් මට ගොඩක් ප්‍රශංසා කළා.මට ආදාර ලබාදුන් අයට මිලදීගත් භාණ්ඩ සියල්ලේ චායරුප යැව්වා.ඒ වගේම ලබාදුන් පවුල් එකකවල චායරුපත් පුද්ගලිකවම යැව්වා.සියලු මිලදී ගැනීම් වලට අදාළ බිල්පත් යැව්වා.එම පරිත්‍යාග සිදුකල සියලු දෙනා මට ගොඩාක් ස්තුති කළා.එයාලට මා ගැන ලොකු ආඩම්බරයක් ඇතිවන බව කිව්වා.දැනටත් මට කතා කරනවා.මගේ ඉදිරි ගමනට උපදෙස් දෙනවා.
නැවතත් පරිත්‍යාග කල ගිහාන් හෙට්ටිආරච්චි ගුරුතුමාටත්, නෙත්මි ද සිල්වා අක්කාටත්, මංජුල හේරත් මාමාටත් ,ලින්ඩා රෝස් මැතිණියටත් ,මට භාණ්ඩ ගෙන ඒමට හා ඉතාමත්ම අවංකව ආධාර ලැබිය යුතු පවුල් තෝරා දෙමින් ඒවා එම පවුල් වෙත ගෙනයාමට සහය දුන් සමන්ත මාමාටත්, නියමිත වේළාවට භාණ්ඩ සාධාරණ මුදලකට ලබාදීමට කටයුතුකළ නිම්මි නැන්දාටත්,මගේ දෙමාපියන් හා දයාබර සොයුරාටත්,
විශේෂයෙන්ම මෙම සත්කාර්ය සිදුකිරීමට මට අවස්තාව ලබා දුන් ශ්‍රීමත් ,ආචාර්ය දේශප්‍රිය විජේතුංග මැතිතුමා ඇතුළු SDGCPSL
හා SUNFO සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත් මගේ ස්තුතිය පුදකරමි.
පසු වදන :-
මොන විධියේ යහපත් දෙයක් කලත් එයට භාධා කරමින් සතුටක් ලබන අතලොස්සක් සිටින බවද මා මෙහිදී තේරුම් ගතිමි.නමුත් මා කලේ හා ඉදිරියට කරන්නේද මසිත ඇතිවන අවංක අදහස් වලට එකගව හරි දේවල්ය.මගේ ජිවිතයට මම බොරු කියා නැත,කියන්නේද නැත.එය මගේ දෙමා පියන් හා මගේ පාසලෙන් මට ලැබුණු විශිෂ්ට ගතිගුනයක්ය.මට ලැබුණු කෙනෙහිලිකම් මට ශක්තියකි.කව්රුන් හෝ හිතනවානම් මට එසේ කිරිමින් මගේ ගමන නැවැත්විය හැකියි කියා මට ඇත්තේ ඔවුන් ගැන අනුකම්පාවකි.අවරුදු 15ක් වුවද මා අද පැමිණි තැනට ආවේ අසීමිත දුක්ක දෝමනස්සයන් විඳිමිනි.මා පමණක් නොවේ මගේ පව්ලම මා වෙනුවෙන් එසේ කැපවීම් කර තිබේ.මගේ තාත්තාට තිබු ඉඩම හා වාහනයක්ද මගේ ජයග්‍රහණ වෙනුවෙන් අහිමි විය.කෙදිනක හෝ මා උපන් රටට මෙන්ම මුළු ලෝකයටම විශාල සේවයක් කිරීම මගේ පරම පැතුමයි.
මට බාධා ඇති කරන්න .මම එයින්ද පන්නරය ලබමි.එසේ කල අයටද ස්තුතිවන්ත වෙමි.
මෙහි ව්‍යාපෘති වාර්තාව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
මෙහි ව්‍යාපෘති වාර්තාව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
සචින්තා කොඩිකාර
WFM ( ලෝක චෙස් සම්මේලනයෙන් Women FIDE Master සන්නාමය හිමි ලාබාලතම ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩිකා )
දරිද්‍රතාවය නිමා කිරීමේ ඇමතිනි (SDGCPSL )
තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ ශ්‍රී ලාංකේය ළමා පාර්ලිමේන්තුව .
Proud of you puthe good work and wish you all the best .😘😘😘😘😘😘
ReplyDeleteProud of you nnga 👌👌 great work 💪💪
ReplyDelete