COVID 19 හා ළමා පරපුරේ අනාගත අභියෝගය.

COVID 19 හා ළමා පරපුරේ අනාගත  අභියෝගය.


                                ඉදිරි වසර කිහිපය ලෝක ඉතිහාසයේ මිනිසාට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මකම කාලච්චේදය වනවාට කිසිඳු සැකයක් නැත.KOVID 19 වෛරසයට මුහුණ දීම හා ඒ අභියෝගය හමුවේ ජිවන චර්යාවන් පවත්වා ගැනීම අතිශය සංකීර්ණ වනු ඇත.
                              
                              මෙම ලිපිය මා  ඉලක්ක කරන්නේඉන් එක් පාර්ශවයක් මෙන්ම අතිශය වටිනාම කණ්ඩායමට එල්ලවන අභියෝගයන් පිලිබඳවය.ඒ ළමා පරපුරයි.
                             සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් හා මෙම රෝගය බෝවිමවකාශය හමුවේ ළමා පරපුර ඉදිරි වසර කිහිපය ගතකරන්නේ කෙසේද යන්න හිතාගත නොහැකි තරම් සංකීර්ණ වනු ඇත.විශේෂයෙන්ම ඔවුන් තුල ඇතිවන හුදකලාව හා සම වයසේ යහළුවන් ඇසුර අහිමිවීම බරපතල සමාජ ගැටළුවක් වනු ඇත.තම දරුවා දරුණු සතෙකු අභියසට ගමන් කරන අවස්තාවක දෙමාපියන්ට ඇතිවූ හැඟීමකට සමාන හැඟීමක් තවත් මිනිසෙකු ලඟට තම දරුවා ලන්වනවිට ඇතිවීම නොවැලක්විය හැකි ඛේදනිය තත්වයක් වනු ඇත.පාසලේදී , ක්‍රීඩාපිටියේදී,හෝ තම පවුල් පරිසරය තුලදීද මෙවැනි තත්වයන්ට දරුවන්ට මුහුණදීමට සිදුවිය හැක.එමගින් ඇතිවන එකිනෙකා අතර දුරස්ථ භාවය නිසා එකිනෙකාගේ හැඟීම් දැනීම් අවභෝධය හා දරුවන් අපේක්ෂා කරන ආදරය පවා අහිමිවියාම කෙතරම් ශෝක ජනක විය හැකිද.එලෙස වැඩෙන ළමා පරපුර අසංවේදී ගතිලක්ෂණ සහිත වියාකුල මානසිකත්වයන් සහිත වීමට බොහෝ ඉඩ ඇත.මේ නිසා බොහෝ යහපත් මානුෂික ගුණාංග මිනිස් සමාජයෙන් අතුරුදහන්වීමේ අවධානමක් ඇතිවිය හැක.
                                  මෙහි තවත් එක පැතිකඩක් ලෙස අධ්‍යාපනයට බලපාන අභියෝග විමසා බැලීම වැදගත්ය.මේ ලිපිය ලියන මොහොත වනවිටත් ප්‍රංශයේ පාසල් ළමුන් පිරිසක් රෝගයට ගොදුරුවී ඇත.එම ළමුන් ඉගෙනගත් පාසල්ද ඇතුළුව ලොව වටා විශාල රටවල් ප්‍රමාණයක පාසල් හා අධ්යාපන   ආයතන  වැසීගොස් තිබේ.තව කෙතරම් කාලයක් මෙලෙස පාසල් වසාදමිමමට සිදුවේදැයි නිශ්චිත නැත.මේ අනුව නිසි වයසට ලැබිය යුතු අධ්‍යාපනය නොලැබීයාමෙන් ළමා පරපුරට වන හානිය බරපතලය.අන්තර්ජාලය හරහා ඊට පිළියම් සෙවීමට උත්සාහ කලද එය ඉතා සීමිත අවකාශයක් පමණක් බව දැන් සනාථවී තිබේ.ලෝකයේ බොහෝ ළමා පිරිසකට අන්තර්ජාල පහසුකම් යටතේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් නැත.ඒ සඳහා අවශ්‍ය උපකරණ හෝ අන්තර්ජාල සබඳතා අහිමිවීම බහුලව දැකගත හැකි තත්වයන්ය.තවද කුඩා දරුවන්ට කිසි විටක අන්තර්ජාලයෙන්ම පමණක් අධ්‍යාපනය ලබාදිය නොහැක ඔවුන් ඉගෙනගන්නේ ක්‍රියාකාරකම් තුලින්ය.
                                මෙසේ අධ්‍යාපනය ව්‍යාකුල වීම මානව සංහතියේ මෙතෙක් ආ ගමන විශාල ප්‍රපාතයකට ඇද  වැටීමකි. පාසල් තුල ක්‍රියාකාරකම් සිදුකිරීම දැඩි අභියෝගයකි.එලෙස ලබන අධ්‍යාපනය ප්‍රායෝගික නොවන දැනුමකට සීමාවනු ඇත.
                            ජාත්‍යන්තර දැනුම සොයා යාමේ අවකාශ ක්‍රමයෙන් සීමාවීම හරහා දුපත් මානසිකත්වයන් තවදුරටත් වර්ධනය වනු ඇත.එවිට එකිනෙකාඅ අතර ඇතිවන අනවභෝදය මගින් මානව පරගමනයන හානි ඇතිවිය හැකිය.
                         මගේ අවධානය මීළඟට යොමුවන්නේ දරිද්‍රතාවයෙන් දැනටමත් පිඩා විඳින ළමා පරපුර  කෙරෙහිය.මෙම තත්වයන් යටතේ වඩාත්ම අභියෝගයන්ට ලක්වන්නේ ඔවුන්ය.එක පසෙකින් මන්ද පෝෂණය නිසා ඇතිවෙන ප්‍රතිශක්ති උනතාවය නිසා රෝගයට ඔරොත්තුදීමේ අසීරුතාවය මත ඇතිවන ජිවිත අවධානමට ලක්වීමේ  සංක්‍යාව ඉහල යාමත් එමෙන්ම බොහෝවිට නාගරික ජනාවාස පරිසර වලදී රෝග ව්‍යාප්තිය පාලනය අසීරු වීමත් බරපතල ලෙස බලපානු ඇත.දැනටමත් දිනකට 20 000 ක් පමණ මන්ද පෝෂණයෙන් මියයන ලෝකයක COVID 19 ත් ඔවුන් වෙලා ගතහොත් ඇතිවිය හැකි කෙධනිය තත්වය සිතාගනිමටවත් නොහැකි වනු ඇත.
                       එමෙන්ම මෙම අඩු ආධායම් ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය ඇති විශාල බින්දවටිමකට ලක්වනු ඇත.අන්තර්ජාල අධ්‍යාපනය ඔවුන්ට සිහිනයක්ම වනු ඇත.දරිද්‍රතාවයෙන් මිදීමට ඔවුන්ට තිබු ප්‍රධානතම මාර්ගය වන අධ්‍යාපනය අහිමිවීමෙන් තවදුරත් සමාජයෙන් කොන්විමත් සමාජ අපචාරවලට ගොදුරුවීමත් සිදුවිය හැක.
                            මිනිසා තව මිනිසෙකු දෙස සැකයෙන් හා භීතියෙන් බලන ස්පර්ශය පවා බියජනක හැඟීමක් ඇතිකරන සමාජයක ළමා පරපුර ඉදිරි වසර කිහිපය ගෙවනු ඇත.ඒ අවාසනාවන්ත යුගය කවදා කෙසේ නිමා වේදැයි තවම හරියටම අනාවැකි පලකල නොහැකි වුවද එය අතිශය සංකීර්ණ ප්‍රශ්නාවලියක් අප හමුවේ තබා ඇතිබවනම් පැහැදිලිය.ලොව පුරා සිටින සියලු විද්වතුන් වහ වහවහා මේ පිළිබඳව අවධානය යොමුකළයුතු බව මගේ අදහසයි.

සචින්තා කොඩිකාර 
WFM ( ලෝක චෙස් සම්මේලනයෙන් Women FIDE Master සන්නාමය හිමි ලාබාලතම ශ්‍රී ලාංකේය චෙස්  ක්‍රීඩිකා )
දරිද්‍රතාවය නිමා කිරීමේ ඇමතිනි (SDGCPSL ) 
තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ  ශ්‍රී ලාංකේය  ළමා පාර්ලිමේන්තුව .

Comments

Popular posts from this blog

Green Warriors Eco-Innovation and Creation Competition 2021

Green Warriors පරිසර හිතකාමී නවෝත්පාදන සහ නිර්මාණ තරඟාවලිය 2021